ඩීසන්ට් විදියට කෙල්ලෙක් දාගමු! part 1

"හොදයි එහෙමනම් ආයුබෝවන් 🙏කියලා අද පාඩම පටන් ගමු.
❤❤

ක්ලාස් එකේ උඹලා එක එක විදියට ඇවිත් ඉන්නවා මට පේනවා. සමහරු කොන්ඩෙ කපලා, සමහරු වවලා, සමහරු ටින්ට් කරලා තව සමහරු රැවුල් වවලා, සමහරුන්ට රැවුල නෑ 🤭 එක එක ජාතියෙ කොල්ලො. කලු උන්, සුදු උන්, තොල් රෝස පාට උන්, බීඩි ගැහුවා වගේ උන්, නහර කාරයො, අහිංසකයො, කුපාඩි, හොරු, හාල්මැස්සො,තඩියො, පිස්සො නැති එකෙක් නෑ. හරි උඹලා මොක්කු වුණත් කෝස් එක ඉවර වෙද්දි නියම පිරිමි වෙන්නයි මට ඕනෙ. ඒ කියන්නෙ #Gentlemen ලා.

ගෑණු ලමෙක් එක්ක යාලු වීමට පෙර සපුරාලීමට ඇති මූලික සුදුසුකම් සහ කරුණු.

අනු මාතෘකාව - පෞද්ගලික සුදුසුකම්

01
. පෞද්ගලික පිරිසිදුකම

උදේ පාන්දර නැගිට්ට ගමන් කට හෝදන්නෙ නැතුව තේක බොන උන් අත් උස්සපල්ලා බලන්න. 😁 හරි. ඔහොම බෑ. වැදගත්ම දෙයක් තමයි තමන්ගෙ පිලිවෙල සහ පිරිසිදු කම. මේක අනිවාර්යයෙන් කොල්ලෙක් ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ දෙයක්. අනිවාර්යයෙන් දවසක් හැර දවසක් නාන්න ඕනෙ. හැමදාම ඇග සෝදන්න ඕනෙ. ඒ වගේම තමයි හැමෝම කිහිලි, ඉකිලි ට්‍රිම් කරන්න ඕනෙ. ලබන සතියෙ මම බලනවා ශර්ට් ගලවලා. කලිසං ගලවන්න තියන්න එපා මම කැමති නෑ.. අදම යද්දි තල දෙකේ රේසරයක් අරං ගිහිං ගාපල්ලා මයිල්. නොගා ඉන්න උන්.

හරි ඊලගට කොන්ඩෙ. ගොඩක් කොල්ලො පිලිවෙලකට කොන්ඩෙ තියං ඉන්නවා. ඒත් සමහරු එහෙම නෑ.. පිලිවෙලකට කොන්ඩෙ කපන්න. අනිවාර්යයෙන් සති 2 කට වරක් සැලුන් එකෙන් මේන්ටේන් කරන්න. ලොකු ගානක් නෑ. පිස්සො වගේ කොන්ඩෙ වවන්න එපා. කොන්ඩ කාරයන්ට කැමති කෙල්ලො ඉන්නෙ ඉතා අතලොස්සයි. බහුතරයක් හිතන්නෙ උඹ රස්තියාදුකාරයෙක් කියලා. ඒ නිසා පිලිවෙලකට ඉන්න කොන්ඩෙ කපන්න. ටින්ට් කරන්න ආසනම් ලාවට ශේඩ් එකක් කරන්න. මංකි ස්ටයිල් නැතුව. ඉර තිබ්බට කමක් නෑ. දැන් ෆැශන් එක. මාත් තියලා තියෙන්නෙ 🤣🤣🤣
ඊලඟට හොද ඩියෝ ස්ප්‍රේ එකක් අරගනින්. මම යූස් කරන්නෙ YARDLEY NAVY. අරගන්නොකොට සමන්මල්, පිච්ච මල් නෙවෙයි ඩීසන් සුවදක් ගනින්. ගෑනු ඒවා ගන්න එපා. FA කියන්නෙත් හොද බ්‍රෑන්ඩ් එකක්. මම මිල අධික ඒවා කියන්නෙ නෑ. එහෙම ඕනෙ නෑ. පස්සෙ ගමු. ඩියෝ එකේ වාසිය කලෝන් එකක් ඕනෙ නෑ ඒකෙන්ම ශේප් වෙන්න පුලුවන්. මම කිහිල්ලෙ විතරක් නෙවෙයි හතර වටේ ගහන්නෙ ඕක. 😊

ඊලඟට ෆේස් වොශ් එක.

අනිවාර්යයෙන් ෆේශ් වොශ් එකක් පාවිච්චි කරන්න. තමන්ගෙ සමට ගැලපෙන. මොකද සබන් ගෑවම හම වේලෙනවා. කොල්ලෙක් වුණත් පෙනුම ගැන හිතපං. ඒකෙන් ගොඩක් පිරිසිදු කම රැකෙනවා තමන්ට.

ඊලඟට ලේන්සුව අනිවාර්‍යයි.

හොද කපු ලේන්සුවක් රුපියල් 100/= දෙද්දි ගන්න පුලුවන්. ලේන්සු 2 ගනින්. හෝද හෝද පාවිච්චි කරන්න. දවස් දෙකකට සැරයක්. මූණෙ තෙල්, දාඩිය එකතු වෙන්න දෙන්න එපා. නිතර පිහිදාන්න ඕනෙ. පිස්සෙක් වගේ නෙවෙයි. පිලිවෙලකට. ඊට පස්සෙ සාක්කුවට දාගනින්, අතේ තියාගන්න එපා බබා වගේ..

පසුම්බිය

- මේක ඉතාම වැදගත් අරගනිල්ල උබලගෙ පර්ස් එලියට. ඔය නිලියංගෙ රූප, වැල් පත්තර කෑලි, බස් ටිකට්, බලපු නැති ලොතැරැයි සේරම අර ඩස්බින් එකට දාපල්ල..
ගනිල්ලා තියන සල්ලි ටික එලියට. කාසිටිකත් එක්කම. හරි දැන් වැඩි කොල යටට තියලා පිලිවෙලකට එක පැත්තකට අඩු පිලිවෙල එන්න හදන්න නෝට්ටු. දාන්න පර්ස් එකට. කාසි 10,5,2, රුපියල විතරක් තියාගෙන අනික්වා දෙන්න මට 🤣. ඒවා තියාගන්න එපා.
මීට පස්සෙ පර්ස් එක සාක්කුවට දැම්මම පුකට දෙබරු කෙටුවා වගේ පේන්න බෑ.. පිලිවෙලට තියෙන්න ඕනෙ. හරි. 👍"

More details - https://havealot.blogspot.com/2020/03/blog-post.html


To Be Continued







Comments